2020-12-31 දින මහජන සම්පත සමාන ටිකට් පත් දෙකක් නිකුත් වී ඇති බව ජාතික ලොතරැයි මණ්ඩලයේ තාක්ෂණික අංශය විසින් පිළිගෙන ඇති බව එහි ක්‍රියාකාරී අධ්‍යක්ෂ කැලුම් ප්‍රියංකර පවසනවා.
ෆේස්බුක් සටහනක් තබමින් ඒ මහතා පවසන්නේ මෙම ටිකට් පත් මුද්‍රණය වීම පිලිබදව ඉක්මන් පරීක්ෂණයක් සිදු වෙනු ඇති අතර මින් ඉදිරියට එවැනි ටිකට් පත් මුද්‍රණය වීම වැලැක්වීම සදහා සුදුසු වැඩ පිළිවෙලක් නිර්මාණය කිරීමට ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂක මණ්ඩලය විසින් උපදෙස් ලබා දී ඇති බවයි.
යම් හෙයකින් මෙම ටිකට් පත් සදහා තාග්‍ය මුදලක් ලැබී ඇත්නම් එම ටිකට් පත් දෙක සදහාම අදාල තාග්‍ය වටිනාම ලබා දීමට ජාතික ලොතරැයි මණ්ඩලය සූදානම් බවද ඒ මහතා පවසනවා.

More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට