තම රට විසින් එන්නත් බිලියනයකට ආසන්න සංඛ්‍යාවක් ලොව පුරා බෙදා හැර ඇති බව චීනය පවසනවා.
ගෝලීය වශයෙන් රටවල් සහ ජාත්‍යන්තර සංවිධාන සඳහා ලොව වැඩිම එන්නත් ප්‍රමාණයක් ලබාදී ඇති රාජ්‍යය ලෙසයි චීනය හැදින්වෙන්නේ.
ඒ අනුව කොරෝනා මර්දන එන්නත් මාත්‍රා මිලියන 990 ක් ලොව පුරා බෙදාදී ඇති බව චීන ජාත්‍යන්තර සංවර්ධන සහයෝගිතා ඒජන්සියේ ප්‍රධානී ඩෙං බොකින්ග් පවසනවා.
චීනයේ සිට මියන්මාරය වෙත නව එන්නත් කාණ්ඩයක් සහ වෛද්‍යාධාර බෙදාදීමේ උත්සවයක් අමතමින් එම සංවිධානයේ ප්‍රධානියා මේ බව කියා සිටියා.
ලොව රටවල් රැසක් තම ප්‍රදානයන් ඇගයීමකින් යුතුව භාර ගෙන ඇති නමුත් උතුරු කොරියාව පමණක් තම ක්‍රියාවලිය ප්‍රතික්ෂේප කළ බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
More Stories
“ද්වි-රාජ්‍ය විසඳුම ” ක්‍රියාත්මක කරන්නැයි චීනයෙන් ඉල්ලීමක්
“232 තීරුබදු පියවර” කඩිනමින් නතර කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලයි
‘එක් තීරයක් එක් මාවතක්’ සංවර්ධනයෙන් ගෝලීය දකුණේ ශක්‍යතා වැඩිදියුණු කිරීමේ වැදගත්කම අවධාරණය කෙරේ