කැරට් 1,174ක් පමණ වන විශාල දියමන්තියක් බොට්ස්වානා දියමන්ති පතලකින් හමුවී තිබේ.
එය ලොව තෙවන විශාලතම දියමන්තිය බව එම පතල් හිමි සමාගම සදහන් කරයි.
සති කිහිපයක් තුළ එම පතලෙන් හමු වූ දෙවන දියමන්තිය වන අතර, එය ද කැරට් 1000ට වැඩි බව එම සමාගම පැවසීය.
එම සමාගමට 2019 වසරේදි හමුවූ දියමන්තියේ විශාලත්වය කැරට් 1758ක් වන අතර, එය ලෝක ඉතිහාසයේ මෙතෙක් සොයාගෙන ඇති දෙවන විශාලතම දියමන්තිය බවට තහවුරු විය.
ලොව මෙතෙක් හමුවී ඇති විශාලතම දියමන්තිය කලිනන් ලෙස නම් කර ඇති අතර, එය 1905 වසරේදී දකුණු අප්‍රිකාවෙන් හමු විය.
More Stories
සිය සළුපිළි උනා දැමූ ඇමරිකාව ගැන චීනයේ මතය
සමස්ත ආසියානු ජනතාවගේ පොදු අපේක්ෂාවන් පිළිබිඹු කරන චීනයේ අලුත් අවුරුදු තෑග්ග…
ඇමරිකාව සයිබර් ආරක්ෂණ ගැටළු මුවාවෙන් චීනයට අපහාස කිරීම වහාම නතර කළ යුතු බවට චීනයෙන් ප්රකාශයක්