ශුද්ධ වත්කම ඇමෙරිකන් ඩොලර් ට්‍රිලියන 514 ට වඩා ඉහළ යෑමත් සමඟ, ඇමෙරිකාව පරදා චීනය ලෝකයේ ධනවත්ම රට බවට පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
විදෙස් මාධ්‍ය මෙසේ වාර්තා කළේ සුප්‍රසිද්ධ ‘මැකෙන්සි’ ජාත්‍යන්තර සමාගම උපුටා දක්වමිනි. ‘මැකෙන්සි’ ජාත්‍යන්තර සමාගම, ප්‍රකට ව්‍යාපාරික උපදේශන සමාගමකි.
‘මැකෙන්සි’ සමාගමට අනුව, ‘කොවිඩ් 19’ වසංගතය හමුවේ වුවත්, ඉකුත් වසර දෙකක කාලය තුළ චීනයේ වත්කම් ප්‍රමාණය තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බවය.
‘කොවිඩ් 19’ වසංගතය පාලනය කර ගනිමින්, ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට චීනය ගත් සියලු උත්සාහයන් සාර්ථක වීම මෙසේ ශුද්ධ වත්කම ඉහළ යෑමට හේතුවක් වී ඇති බව ද ‘මැකෙන්සි’ සමාගම පැහැදිලි කර තිබේ.
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්