චීන සාම්ප්‍රදායික වසන්ත උත්සවය, පවුල් දහස් ගණනක් ඒකරාශි වීමේ “චීන මොහොත” හා මුළු ලොව සමරන ජාත්‍යන්තර නිවාඩු දිනයක් බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Wang Wenbin මහතා ඊයේ (6) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසීය.
එක්සත් ජාතීන්ගේ මහ සම්මේලනයේ තීරණයට අනුව වසන්ත උත්සවය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිවාඩු දිනයක් බවට නම් කිරීමෙන් පසු ප්‍රථම වසන්ත උත්සවය මේ වසරේ උදා වේ. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකාර්මික සංවිධානය, වියානා හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානය ඇතුළු ආයතන මෑතකදී නිල වශයෙන් චීන සාම්ප්‍රදායික වසන්ත උත්සවය පූර්වගාමීව සමරා තිබේ.
මේ වනවිට ලෝකයේ රටවල් 20ක් පමණ වසන්ත උත්සවය නිල නිවාඩු දිනයක් ලෙස නම් කර ඇත. ලොව ජනගහණයෙන් සියයට 20ක් විවිධාකාරයෙන් වසන්ත උත්සවය සමරති.
More Stories
ජර්මන් මැතිවරණයේ ජයග්‍රහණය විපක්ෂ සන්ධානයට
14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ 14 වැනි සැසිවාරය පැවැත්වේ
චීනය සමග පවත්නා ද්විපාර්ශ්වික ආයෝජන ඇමරිකාව සීමා කිරීමෙන් සිය ප්‍රතිලාභයට හානි වේ