චීන මාධ්‍ය සමූහය විසින් නිෂ්පාදනය කරන ලද 2023 වසන්ත උත්සව කලා සංදර්ශනය දෙස් විදෙස් ප්‍රේක්ෂකයන්ට සරුසාර චීන සංස්කෘතික අත්දැකීමක් තිළිණ කිරීමට සමත් වෙයි.

එම සංදර්ශනයේ ප්‍රේක්ෂක ආකර්ශණය වාර්තාගත ඉහළ මට්ටමකට ළඟා විය. විවිධ මාධ්‍ය ඔස්සේ එය නැරඹූ ප්‍රේක්ෂක සංඛ්‍යාව බිලියන 16.216 ක් බව වාර්තා වේ. චීන මාධ්‍ය සමූහය භාෂා 68 ක් මගින් නව මාධ්‍ය ඔස්සේ එම සංදර්ශනය වාර්තා කර ඇති අතර, රටවල් හා කලාප 173 ක 1000 කට වැඩි මාධ්‍ය ආයතන එම සංදර්ශනය සජීවීව විකාශය කළ අතර අදාළ විවිධ වාර්තා ද පළ කර ඇත.

එම සංදර්ශනය හෝ එහි ප්‍රවර්ධන වීඩියෝව, විදෙස් රටවල එළිමහන් විශාල තිර හා සිනමා ශාලාවන් 1642 ක විකාශය කෙරිණ. ලෝකයේ බොහෝ ප්‍රසිද්ධ ස්ථානවල තිරයන් මත එම සංදර්ශනයේ සුන්දරත්වය දැක ගත හැකිය. ඉන් 984 ක් යුරෝපා රටවල සහ ඇමරිකාවේ තිරයන්ය. එය පෙර කාලය හා සැසඳීමේදී වාර්තාගත ඉහළ මට්ටමකි.


More Stories
සිය සළුපිළි උනා දැමූ ඇමරිකාව ගැන චීනයේ මතය
සමස්ත ආසියානු ජනතාවගේ පොදු අපේක්ෂාවන් පිළිබිඹු කරන චීනයේ අලුත් අවුරුදු තෑග්ග…
ඇමරිකාව සයිබර් ආරක්ෂණ ගැටළු මුවාවෙන් චීනයට අපහාස කිරීම වහාම නතර කළ යුතු බවට චීනයෙන් ප්‍රකාශයක්