2004 වර්ෂයේ සිට ෆෝබ්ස් සගරාව විසින් ලොව බලවත්ම කාන්තාවන් 100 දෙනාගේ ලැයිස්තුවක් ප්රාකාශයට පත් කරනු ලබනවා. එය සංස්කරණය කරනුයේ මොයිරා ෆෝබ්ස් ඇතුළු ප්‍රකට ෆෝබ්ස් මාධ්‍යවේදීන් විසින්.
මේ අනුව 2020 වසරේ ලොවට වඩාත්ම බලපෑමක් කළ හැකි වූ කාන්තාවන් 100 දෙනාගේ ලැයිස්තුවක් මෙවර ද නිකුත් කර තිබෙනවා . ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් 2006 වසරේ සිට ඉහළම ස්ථානයේ රැඳී සිටි අතර, 2010 දී පමණක් එවකට එක්සත් ජනපද ජනාධිපති ආර්යාව වන මිෂෙල් ඔබාමා ඉහළින්ම රැදී සිටියා. 2020 වසර ලොව බලවත් කාන්තාවන් රැසක් සිය අවධානය දිනා ගත් වසරක් බවයි ෆෝබ්ස් සගරාව පවසන්නේ.පසුගිය වසරවලට සාපේක්ෂව මෙම වර්ෂයේ විවිධ රාජ්‍යන් වල බලය ද කාන්තාවන් විසින් හිමි කර ගත් වසරක් බවට පත්ව තිබෙනවා .
මෙම වසරේ ද ලැයිස්තුවේ ඉහළින්ම ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කල් ද,දෙවනුව යුරෝපා මහ බැංකුවේ සභාපති ක්‍රිස්ටිනා ලගාඩේ නම් කර තිබෙනවා .එමෙන්ම ,මෙම ලැයිස්තුවට නවකයකු ලෙස එක්වෙමින් ,තුන්වන ස්ථානය ඇමරිකාවේ උප ජනාධිපති කමලා හැරිස් හිමිකර ගෙන තිබෙනවා. ඇය ලෝකයේ දේශපාලන න්‍යාය පත්‍රය හැඩගැස්වීමට හැකි කාන්තාවක් ලෙස නම් කර තිබෙනවා .
වසංගතය ලොව පුරා ව්‍යාප්ත වූ කාල සීමාවක් වුව ද මෙම කාන්තාවන් එයට එරෙහිව සටන් කිරීමේ දී සහය ලබා දුන් අය බවත් සදහන් වනවා.එහිදී නවසීලන්තයේ අගමැති ජසින්ඩා ආර්ඩන් සහ ෆින්ලන්තයේ අගමැති සන්නා මරීන් පිළිබඳ වැඩි අවධානයක් යොමු වුණා.
මෙවර ලැයිස්තුවේ 29 වන ස්ථානය ලාංකික සම්භවයක් සහිත ශෙමාරා වික්‍රමනායක හිමි කර තිබෙනවා.ෂෙමාරා වික්‍රමනායක ඕස්ට්‍රේලියානු ව්‍යාපාරික කාන්තාවක්. ඇය මැකවරි සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිළධාරි ලෙස කටයුතු කරනවා.වෙළඳපල වටිනාකම අනුව ඕස්ට්‍රේලියාවේ විශාලතම සමාගම් 20 අතර සිටින එකම කාන්තා ප්‍රධාන විධායක නිලධාරිනිය වන්නේ ද ඇයයි. ඇය උපත ලැබුවේ එංගලන්තයේ . ඇයගේ පියා ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙක්.
මෙලෙස ලෝකයේ සීමාවන් අතික්‍රමණය කරමින් කාන්තාවන් ලෝකයේ ප්‍රබල චරිත බවට පත් වීම ඉදිරි ලෝකයේ දියුණුව සදහා වඩා බලපෑමක් ඇති කරනු ඇති.
-ධීරේ-
More Stories
ඇමරිකාව සයිබර් ආරක්ෂණ ගැටළු මුවාවෙන් චීනයට අපහාස කිරීම වහාම නතර කළ යුතු බවට චීනයෙන් ප්‍රකාශයක්
“එක් රටක් ක්‍රම දෙකක්”ප්‍රතිපත්තිය මැකව් හි ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන බවට CGTN මත විමසුමකින් අනාවරණය කෙරේ
සංවර්ධනයෙන් පිබිදෙන චීන මැකව් විශේෂ පරිපාලන කලාපය