ලොව විශාලතම හා දිගින් වැඩිම භාණ්ඩ ප්‍රවාහන නෞකාව වශයෙන් සැලකෙන එවර් ඒස් නෞකාව (Ever Ace) අද (05 වැනිදා) කොළඹ වරායට පැමිණීමට නියමිතව ඇත.
දිගින් මීටර් 400 (අඩි 1300ක්) සහ පළලින් මීටර් 61.5ක් (අඩි 202ක්) වන මෙම නෞකාවෙන් බහාලුම් 24000කට ආසන්න ප්‍රමාණයක් (23992ක්) ප්‍රවාහනය කළ හැකිය.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති නාවුක කපිතාන් නිහාල් කැප්පෙටිපොළ ප්‍රකාශ කළේ කොළඹ වරායට බහාලුම් ප්‍රමාණයක් රැගෙන මෙම නෞකාව හෙට පැමිණීමට නියමිතව ඇති බවය.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති