ලොව පුරා සිටින පුද්ගලයින්ගෙන් දස දෙනෙකුගෙන් එක් අයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.
ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැති විශේෂ රැස්වීමකදී එම සංවිධානය මේ පිළිබඳ අනාවරණ කළා.
ඒ අනුව ලොව අතිමහත් බහුතරය මෙම කොරෝනා වසංගත තත්ත්වයේ අවධානමට මුහුණ දි සිටින බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දුන්නේ.
ලොව පුරා සිටින පුද්ගලයින් තුන් කෝටි 56 ලක්ෂයකට වඩා කොරෝනා වෛරසයට ගොදුරු වී ඇතැයි මේවනවිට තහවුරු වී තිබෙනවා.
එහෙත්, ලොව පුරා කොරෝනා වෛරසයට ගොදුරු වී ඇති පුද්ගලයින් ගණන එම සංඛ්‍යාවට වඩා බොහෝ සෙයින් වැඩි බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි