පළමු කොරෝනා ආසාදිතයා හමු වූ දිනයේ සිට මේ දක්වා ලෝකයේ දෛනිකව වාර්තාව වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව ගත වූ පැය 24 තුළ වාර්තා වූ බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරනවා.
ඒම සංඛ්‍යාව 256848.
දිනකට ආසාදිතයන් දෙලක්ෂ පනස්දහස ඉක්මවූ ප්‍රථම වතාව ද මෙය බවයි එම සංවිධානය සඳහන් කරන්නේ.
වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ඇමෙරිකාව, බ්‍රසීලය හා ඉන්දියාව යන රටවලිනුයි.
මේ අතර ලොවපුරා වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන අද (19) වනවිට එක්කෝටි 44 ලක්ෂය ඉක්මවා තිබෙනවා.
වාර්තා වන මරණ සංඛ්‍යාවද ලක්ෂ 6 කට අධිකයි.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි