ලෝකය කෘත්‍රිමව බෙදා වෙන් කිරීමට ඉඩ නොතැබිය යුතු බවත්, කණ්ඩායම් ගැටුම්වලින් යහපත් ප්‍රතිඵල ලබා ගත නොහැකි බවත් චීනය කියාසිටී.
චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක වං වෙන්බින් මහතා අද (3) පැවති මාධ්‍ය හමුවක දී මේ බව ප්‍රකාශ කළේය. සංවෘත පැවැත්මක් සහිත හුදකලා තත්ත්වයකට ලෝකය යළි පත්නොවනු ඇති අතර, එය කෘත්‍රිමව බෙදා වෙන් කළ නොහැකි වනු ඇතැයි ද හෙතෙම පෙන්වා දෙයි. අවාසි සහගත තත්ත්ව සියල්ල අසල්වැසියන් මත පැටවීම, කණ්ඩායම් අතර ගැටුම් ඇති කිරීම සහ තමා පමණක් කේන්ද්‍ර කරගත් අහංකාර භාවය යන ආකල්පවලින් ක්‍රියා කිරීමෙන් අවසානයේ යහපත් ප්‍රතිඵල හිමි නොවනු ඇතැයි ද වං වෙන්බින් මහතා ප්‍රකාශ කළේය.
ඇතැම් රටවල ආරක්ෂක සීමා වැඩි කිරීමෙන් ගෝලීය ආර්ථීකය භූ දේශපාලනික උවමනා මත බෙදී යනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් Kristalina Georgieva මහත්මිය සම්මුඛ සාකච්ඡාවක දී ප්‍රකාශ කළ බවට පසුගිය දා වාර්තා පළවිය. එම ප්‍රවණතාව අඛණ්ඩව පැවතියහොත් ලෝක දළ දේශීය නිෂ්පාදනය 7% කින් අඩු වනු ඇතැයි ද ඇය පවසා ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වං වෙන්බින් මහතා පැවසුවේ පොදු ජයග්‍රහණ සහිත ආර්ථික ගෝලීයකරණය ප්‍රවර්ධනය කළ යුතු අතර, ගෝලීයකරණය ආපසු හැරවීමේ හා ආරක්ෂණවාදී ප්‍රයත්නයන්ට විරුද්ධ විය යුතු බවයි. එසේම, ඒකපාර්ශ්වික ආරක්ෂකවාදයට හැකි සෑම අයුරින්ම විරෝධය පළකරමින් සෑම රටකටම සමාන අයිතිවාසිකම්, සමාන අවස්ථා හා සමාන නෛතික සුරක්ෂිතභාවය හිමි වීම ප්‍රවර්ධනය කළ යුතු යැයි ද වං වෙන්බින් මහතා පැවසීය.
More Stories
ප්‍රමාද වූ සියලු පාස්පෝට් මාසයක් ඇතුළත නිකුත් කිරීමට පියවර
චීනයේ ග්රාමීයව ජීවත් වන සාමාන්‍ය පුද්ගලයකුගේ වැය කළ හැකි ශේෂය 2024 වසරේ දී කැපී පෙනෙන වර්ධනයක
ගෝලීය කටයුතුවලදී ජර්මනිය සහ යුරෝපා සංගමය වැදගත් කාර්යභාරයක් ඉටු කිරීම, චීනයට සතුටක්– චීන විදේශ අමාත්‍යංශය