2023 චීන ජාත්‍යන්තර සේවා වෙළෙඳ ප්‍රදර්ශනය අද(06) නිමාවට පත් විය.
සියලුම පාර්ශ්ව සමග සේවා වෙළඳාමේ සංවර්ධන අවස්ථා හුවමාරු කර ගැනීමට සහ ලෝක ආර්ථිකයේ ප්‍රකෘතියට නව ජීවයක් එක් කිරීම සඳහා සේවා වෙළඳ ප්‍රදර්ශනය උපකාරී වන බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය පැවසුවා ය. ඒ අද(06) පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
සේවා වෙළඳ ප්‍රදර්ශනය සෑමවිටම, චීනය බාහිර ලෝකයට විවෘත වීමේ ප්‍රධාන කවුළුවක් වූ අතර, එය ලොව පුරා සිටින සමාගම්වලට හුවමාරු සහ සහයෝගීතා ඇරඹීමට වැදගත් වේදිකාවක් ද වේ. මෙම වසරේ සේවා වෙළඳ ප්‍රදර්ශනයේ ගෝලීය සේවා වෙළඳ සමුළුව සඳහා චීන ජනාධිපති ෂී ජින් පිං මහතා වීඩියෝ ආකාරයෙන් දේශනයක් සිදු කරමින්, සේවා කර්මාන්තය බාහිර ලෝකයට විවෘත කිරීම පිළිබඳ වැදගත් පියවර මාලාවක් ද ප්‍රකාශ කළේ ය. ඉහළ මට්ටමේ විවෘත කිරීම් පුළුල් කිරීමට සහ ජයග්‍රාහී සහයෝගීතාවයට අනුගත වීමට චීනය සතු අධිෂ්ඨානය සහ වගකීම මෙමගින් නිරූපනය වන බව, Mao Ning මහත්මිය එහිදී ප්‍රකාශ කළාය.
More Stories
සමාගම් ක්‍රියාත්මක කිරීම හා මිළදී ගැනීම් සම්බන්ධයෙන් වෙළඳපල මූලධර්ම මත පදනම්ව ක්‍රියා කළ යුතු බව චීනය පවසයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල චීන ආර්ථිකය පිළිබඳ සුබවාදී අපේක්ෂා පළ කරයි
චීනයේ විවිධ ප්‍රජාතාන්ත්‍රික පක්ෂ ඇතුළු නියෝජිතයන් සමග චීන ජනපති වසන්ත උත්සවය පිළිගැනීමේ අවස්ථාවකට එක්වෙයි