චීනය අඛණ්ඩව ලෝක ආර්ථිකය ඉදිරියට ගෙන යාමේ වැදගත් ක්රියාකාරකයක් වනු ඇතැයි චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක වං වෙන්බින් මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ අද (4) පැවති මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු නැඟූ අදාළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. නව වසරේ චීනය නව සංවර්ධන ආකල්පය හා ව්‍යුහය මුළුමනින් ක්‍රියාත්මක කරමින් ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු සංවර්ධනය ඉදිරියට මෙහෙයවීමට ක්‍රියා කරන බව ඔහු පැවසීය.
ප්‍රබල නවෝත්පාදන හැකියාව, විශාල වෙළඳපොළ, පරිපූර්ණ යටිතල පහසුකම්, සම්පූර්ණ කර්මාන්ත දාමය හා පොහොසත් මෙන්ම ඉහළ ගුණාත්මක ශ්‍රම සම්පත් යන වාසිදායක සාධක මත, චීනය උසස් මට්ටමේ විවෘතභාවය ව්‍යාප්ත කිරීමෙහි නියැලී සිටී. ඒ සඳහා වෙළඳපොළ ප්‍රවේශ තත්ත්ව ලිහිල් කර, වෙළඳපොළකරණය, නෛතිකකරණය හා ජාත්‍යන්තරකරණය තහවුරු වූ ව්‍යාපාරික පරිසරයක් ගොඩනගමින්, චීන මාදිලියේ නවීකරණයෙන් බිහිවන නව අවස්ථා ලෝකය සමග බෙදා ගැනීමට චීනය පියවර ගනු ඇත. ලෝක ආර්ථිකය ඉදිරියට ගෙන යාමේ වැදගත් ක්රියාකාරකයක් වන චීනය අවිනිශ්චිතතාව සපිරි ගෝලීය ආර්ථිකයට නිශ්චිතතාව හා ධනාත්මක ශක්තිය එකතු කිරීමට උත්සාහ දරන බව ද වං වෙන්බින් මහතා කියා සිටියේය.
More Stories
චීන-ඇමරිකා උසස් මට්ටමේ ආර්ථික හා වෙළඳ සාකච්ඡාවල ප්‍රගතිය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ ප්‍රසාදය
CELAC සංසදය වැදගත් සහයෝගිතා වේදිකාවක් බව චීනය පවසයි
චීනය හා ලතින් ඇමරිකාව එක්ව ඉදිරියට ගමන් කරන පොදු ඉරණමක් සහිත ප්‍රජාවක් බවට පත්ව ඇතැයි චීන ජනපති කියයි