ණය සහන ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට සහය වන බවට ලෝක ආර්ථික බලවතුන් 07 දෙනා හෙවත් G7 රටවල් කළ නිවේදනය ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් පිළිගෙන තිබෙනවා.
ඒ බව G7 රටවල් නිවේදනය කිරීම තමා ස්තූතිපූර්වකව පිළිගන්නා බවද, ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ප්‍රජාව අඛණ්ඩව සහයවීම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ප්‍රධානම සාධකය බවද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙනවා.
ශ්‍රී ලංකාවට ණය සහන ලබා දීමේ ප්රයත්නයන්ට සහාය දෙන බව G7 මූල්‍ය ප්‍රධානීන් පසුගිය බ්‍රහස්පතින්දා ජර්මනියේ පැවති රැස්වීමක කෙටුම්පත් ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා ඇති බව රොයිටර් ජාත්‍යන්තර පුවත් සේවය වාර්තා කළා.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ