2027 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා කණ්ඩායම් තෝරා ගන්නා ක්‍රමවේදය ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) විසින් අද (17) නිවේදනය කළා.
අදාළ තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට නියමිත රටවල් සංඛ්‍යාව 14ක්.
ඒ අනුව පෙර දැනුම් දෙනු ලබන නියමිත දිනයක් අවසන් වන විට ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියෙන්ම පසුවන රටවල් 10 ලෝක කුසලාන තරගාවලිය සදහා සෘජුව සුදුසුකම් ලැබීමට නියමිතයි.
සෙසු කණ්ඩායම් 4 තෝරා ගන්නේ ගෝලීය සුදුසුකම් ලැබීමේ තරගාවලි තුළින්.
ප්‍රධාන විධායක කමිටුව සකස් කළ එම ක්‍රමවේදය ඇතුළත් නිර්දේශ වෙනුවෙන් ඊයේ නිමා වූ අයි.සී.සී රැස්වීමේ දී අනුමැතිය හිමිව තිබෙනවා.
2027 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දකුණු අප්‍රිකාව, සිම්බාබ්වේ හා නැමීබියාවේ දී පැවැත්වීමට නියමිතයි.
2023 වසරේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන තරගාවලිය සදහා කණ්ඩායම් 10ක් පමණක් ක්‍රීඩා කරන අතර, ඒ සදහා කණ්ඩායම් සෘජුව තෝරා ගනු ලබන්නේ මේ වන විට ක්‍රියාත්මක වන අයි.සී.සී ලෝක කුසලාන සුපර් ලීගය ඔස්සේයි.
සත්කාරක ඉන්දියාව හා සුපර් ලීගයේ ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් පසුවන සෙසු කණ්ඩායම් හත 2023 ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලබන අතර, සෙසු කණ්ඩායම් දෙක තෝරා ගනු ලබන්නේ සුදුසුකම් ලැබීමේ තරගාවලි තුළින්.
මේ අතර, අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ වත්මන් ආකෘතිය ඉදිරියටත් පවත්වා ගෙන යාමට ද ජගත් ක්‍රිකට් කවුන්සලය තීරණය කර තිබෙනවා.
ඒ අනුව වසර දෙකක කාලයක් රටවල් 9කගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම පසුවන රටවල් දෙක අතර පැවැත්වීමට නියමිතයි.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි