විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් 35ක් රැගෙන යෑමට ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණය කරයි. ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සාමාජිකයන් හා ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් අතර ඊයේ පැවැති සාකච්ඡාවකදී තීරණය වී ඇත්තේ කොරෝනා වසංගතය හමුවේ මතු වන හදිසි අර්බුදවලට සාර්ථකව මුහුණ දීම උදෙසා විස්සයි20 ලෝක කුසලාන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයට ක්‍රීඩකයන් වැඩි පිරිසක් එක් කර ගැනීම වැදගත් පියවරක් වනු ඇති බවයි.
මේ ආකාරයෙන්ම ඉන්දීය ක්‍රිකට් පිල ද විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩකයන් 36ක සංචිතයක් ඩුබායි වෙත රැගෙන යෑමට සැලසුම් කොට ඇත. විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල නීතිරීති හමුවේ සෑම කණ්ඩායමකටම ක්‍රීඩකයන් 30ක සංචිතයක් නම් කිරීමේ අවස්ථාව උදා වී ඇත. එයට අමතරව අතිරේක ක්‍රීඩකයන් 5ක් හෝ 6ක් විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට රැගන යෑමේ හැකියාව ලබාදී ඇත.
විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් දැනට ක්‍රීඩකයන් 19ක ලැයිස්තුවක් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය වෙත ශ්‍රී ලංකා ක්‍රිකට් භාරදී ඇතත් කණ්ඩායමේ යම් සංශෝධනයක් කිරීමට අවශ්‍ය වන්නේ නම් ඒ සදහා ලබන මස 10 දා දක්වා අවස්ථාව හිමි වේ.
මේ අතර දකුණු අප්‍රිකාව සමඟ විස්සයි20 තරගාවලියේදී ආබාධයකට ලක් වූ ළහිරු මධුසංඛ වෙනුවට මිනෝද් භානුකට කණ්ඩායමේ අවස්ථාවක් හිමි වනු ඇතැයි ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි. කඩුලු රකින ක්‍රීඩකයකු හා පිතිකරුවකු ලෙස මිනෝද් භානුක පසුගිය තරග කිහිපයකදීම දක්ෂතා දැක්වුව ද විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන කණ්ඩායමේ අවස්ථාවක් හිමි වූයේ නැත.
– දිනමිණ පුවත්පත ඇසුරෙන්
More Stories
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹීමට සූදානම්