මෙවර කටාර් හි පැවැත්වෙන FIFA ලෝක කුසලානය සමයෙදි කටාර් එයාර්වේස් සමාගම ශ්‍රී ලංකාවට ගුවන් ගමන් වාර ගණන වැඩි කරන බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු අද (14) නිවේදනය කළේය.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු කියා සිටියේ FIFA ලෝක කුසලාන සමය තුළ කටාර් එයාර්වේස් ශ්‍රී ලංකාවට දිනකට එක් අමතර ගුවන් ගමනක් වැඩි කරන බවයි.
තරඟ නොපැවැත්වෙන දිනවලදී සංචාරකයින් ශ්‍රී ලංකාවට පැමිණීම ප්‍රවර්ධනය කිරීම සඳහා ගුවන් ගමන් වාර ගණන වැඩි කරන බව ඔහු පැවසීය.
නොවැම්බර් මාසයේදී කටාර්හිදී ආරම්භ වන 2022 FIFA ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාවේ සංචාරක පුරවරයක්වන මීගමුව පාපන්දු ලෝලීන්ට සත්කාරකත්වය සැපයීමට සූදානමින් සිටින අවස්ථාවක මෙම නිවේදනය නිකුත් කෙරේ.
සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පසුගිය සතියේ (07) මීගමුව හෝටල් හිමියන් හමුවී පාපන්දු ලෝක කුසලානය නරඹන්නන් ආකර්ෂණය කර ගැනීම සඳහා නගරය සැණකෙළියක් බවට පත් කිරීමේ සැලසුම් පිළිබඳව සාකච්ඡා කළේය.
ඩේලි මිරර් පුවත්පතට අනුව මීගමුව නගරය අලංකාර කිරීම සඳහා අමාත්‍යවරයා විසින් 06 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර ඇත.
FIFA රසිකයින්ට ශ්‍රී ලංකාව උපරිමයෙන් අත්විඳීමට ඉඩ සැලසීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ද කමිටුව විසින් සහතික කරනු ඇත.
ශ්‍රී ලංකා සම්මුති කාර්යාංශයේ (SLCB) සභාපති තිසුම් ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවට, නගරයේ පරිසරය වඩාත් ප්‍රබෝධමත් කිරීමට, ආහාර, බීම, නවාතැන් සහ විනෝදාස්වාදය ආවරණය කිරීම සඳහා සොයා බැලීමේ වගකීම පැවරී ඇත.
2022 FIFA ලෝක කුසලානයේදී සංචාරකයින් සඳහා වඩාත්ම ආර්ථිකමය විකල්පය ලෙස ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීමට සංචාරක අංශය බලාපොරොත්තු වේ.
2022 FIFA ලෝක කුසලානයට සමගාමීව කටාර්හි දෝහා හි ධජ නගරයේදී පැවති උත්සවයකදී ශ්‍රී ලංකාව ද සහභාගී විය.
සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට සහ එහි තානාපති මාෆාස් මහතාට සිය ප්‍රසාදය පළ කළේය.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්