ඉන්දියාවේදී පැවැත්වෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සමගාමීව පැවැත්වෙන පුහුණු තරගාවලිය හෙටින් (29) ආරම්භ වේ. හෙට සිට ඔක්තෝබර් මස 03 වනදා දක්වා පැවැත්වෙන පුහුණු තරගාවලියේදී සෑම කණ්ඩායමක්ම තරග දෙකකට සහභාගී වන අතර ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු පුහුණු තරගය බංග්ලාදේශ කණ්ඩායම සමග හෙට පැවැත්වීමට නියමිතය.
දෙවන තරගය ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමග පැවැත්වෙයි. ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් මස 05 වනදා ආරම්භවීමට නියමිත අතර තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරගය දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව ලබන 07 වනදා පැවැත්වීමට නියමිතය.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි