ලොව පළමුවරට පැවැත්වූ “ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලිය” ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය.
ඒ, අවසන් තරඟයේදී ඉන්දීය කණ්ඩායම කඩුලු 8කින් පරාජය කරමිනි.
ජයග්‍රහණය සඳහා ලකුණු 139ක ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත කණ්ඩායම කඩුලු දෙකක් පමණක් දැවී එම තරඟය ජයගත්තේය.
ඉන්දියාව සහ නවසීලන්තය අතර එම තරඟය එංගලන්තයේ සවුත්හැම්ප්ටන් හිදී පැවැවිනි.
තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම ලකුණු 217ක් රැස්කළේය. ඊට පිළිතුරු ලෙස නවසීලන්ත කණ්ඩායම රැස්කළ ලකුණු සංඛ්‍යාව 249කි.
විටින් විට වර්ෂාව හේතුවෙන් තරඟයට බාධා ඇතිවූ බැවින් 6 වැනි දිනටත් අද (23) දින මෙම අවසන් තරඟය පැවැත්වුණි.
තරඟයේ අවසන් දිනය වූ අද තරඟය ඇරඹෙන විට ඉන්දීය කණ්ඩායම කඩුලු 2ක් දැවී ලබා සිටියේ ලකුණු 64කි.
නමුත් ඔවුන්ට සිය දෙවැනි ඉනිම සඳහා රැස්කළ ලකුණු ගණන 170කි.
More Stories
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..