ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලිය අවසන් වීමෙන් අනතුරුව ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය මගින් නම් කරන ලද ලෝක ටෙස්ට් කණ්ඩායමට ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න ඇතුළත්ව තිබේ.

අදාළ තරගාවලියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ ක්‍රීඩකයා වූයේ ද දිමුත් කරුණාරත්නයි. එහිදී ඔහු විසින් ලකුණු 978ක් රැස්කර ගත්තේය. එය සටහන් වූයේ තරගාවලිය පුරා ආරම්භක පිතිකරුවකු රැස්කළ දෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසයි.
ලෝක ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය නවසීලන්තයේ කේන් විලියම්සන්ට

ලෝක ටෙස්ට් ශූරතාව දිනූ නවසීලන්තයේ කේන් විලියම්සන්ට මෙම කණ්ඩායමේ නායකත්වය හිමිව ඇති අතර එහි ආරම්භක පිතිකරුවෙක් වශයෙන් දිමුත්ව නම්කර තිබේ.
කණ්ඩායමේ අනෙක් ආරම්භක පිතිකරුවා වනුයේ ඉන්දියාවේ රෝහිත් ෂර්මාය. අදාළ කණ්ඩායමේ තුන්වැනි ස්ථානයේ සිට පිතිකරණ අනුපිළිවෙළට අනුව ඔස්ට්‍රේලියාවේ මානස් ලැබුශේන්, නවසීලන්තයේ කේන් විලියම්සන්, ඔස්ට්‍රේලියාවේ ස්ටීව් ස්මිත්, එංගලන්තයේ බෙන් ස්ටෝක්ස්, ඉන්දියාවේ රිශාබ් පාන්ට්, නවසීලන්තයේ කයිල් ජේමිසන්, ඉන්දියාවේ රවිචන්ද්‍රන් අශ්වින්, ඔට්රේස්ලියාවේ පැට් කමින්ස්, නවසීලන්තයේ ටිම් සවුති ඇතුළත්ව සිටී.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි