මෙරට පවතින ආර්ථික අර්බුධය හමුවේ ඩොලර් මිලියන 600ක මූල්‍යාධාරයක් ලබාදීමට ලෝක බැංකුව එකඟතාව පළ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනවා.
ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ලෝක බැංකුවේ නියෝජිතයන් අතර අද පස්වරුවේ පැවති හමුවේ දී.
ඉන් ඩොලර් මිලියන 400ක් පළමු අදියර යටතේ කඩිනමින් ලබාදෙන බවයි ලෝක බැංකුවේ ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජිත චියෝ කැන්ඩා මහත්මිය සදහන් කර තිබෙන්නේ.
ඖෂධ හා සෞඛ්‍ය අවශ්‍යතා, සමාජ ආරක්ෂණ, කෘෂිකාර්මික හා ආහාර සුරක්ෂිතතාව සහ ගෑස් අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා මෙම මුදල් ලබාදීමට නියමිව තිබෙනවා.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට