එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්රකාශයටයට පත් කර ඇති ලෝක මානව හිමිකම් දිනය අදට යෙදී තිබෙනවා.
2021 වසරේ ලෝක මානව හිමිකම් දින තේමාව වී ඇත්තේ සමානාත්මතාව, අසමානතාව අවම කිරීම හා මානව හිමිකම් ඉදිරියට ගෙන යාමයි.
ඒ අනුව මේ වසරේ මානව හිමිකම් දින තේමාව යටතේ පළමුව ගැනෙන ‘සමානාත්මතාව’ හරහා නිර්වචනය කෙරෙන්නේ – “සියලු මනුෂ්‍යයින් නිදහසේ උපත ලබා ඇති අතර, ගෞරවයෙන් හා අයිතිවාසිකම්වලින් සමාන වේ.”යන්නයි.
සමානාත්මතාව සහ වෙනස්කම් නො කිරීමේ මූලධර්ම මානව හිමිකම් සුරැකීමේ හදවත ලෙස සැලකෙනවා.
කාන්තාවන් සහ ගැහැණු ළමයින්, ආදිවාසීන්, අප්‍රිකානු සම්භවයක් ඇති පුද්ගලයින්, සමරිසි පුද්ගලයින්, සංක්‍රමණිකයින් සහ ආබාධ සහිත පුද්ගලයින් ඇතුළු සමාජයන් හි වඩාත් ම මානව හිමිකම් උල්ලංඝනය වීමේ අවදානමට ලක්විය හැකි පුද්ගලයින්ට බලපා ඇති ගැඹුරින් මුල් බැසගත් වෙනස්කම් සහමුලින් නැති කිරීම් හෝ උපරිමයෙන් පාලනය කිරීම සඳහා ආමන්ත්‍රණය කිරීම සහ විසඳුම් සෙවීම මේ වසරේ ලෝක මානව හිමිකම් දින මූලික තේමාවට ඇතුළත් වනවා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්