ස්වේච්ජාවෙන් තම රුධිරය පරිත්‍යාග කරන රුධිර පරිත්‍යාගශීලීන් හට කෘතවේදීත්වය දැක්වීම සඳහා මෙම සැමරුම පවත්වන අතර රුධිරයහා රුධිර සංඝටකවල සුරක්ෂිත භාවය, ගුණාත්මක භාවය සහ රුධිර අවශ්‍යතාවය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමත් , සුරක්ෂිත රුධිරය පරිත්යාිග කිරීම සඳහා සමාජ අවබෝදය ඇති කිරීමත් මෙම සැමරුමේ අරමුණ වේ.
ලෝක සෞඛ්යක සංවිධානය විසින් ජූනි 14 වැනි දින “ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය” ලෙස ප්රහකාශයට පත් කර තිබේ. මිනිස් රුධිරසංසරණ පද්ධතියේ,ABO ලෙස රුධිර කාණ්ඩ ඇති බව සොයා ගැනීමසඳහා නොබෙල් ත්‍යාගය හිමිවූ ඕස්ට්‍රේලියානු විද්‍යාඥ කාල්ලෑන්ඩ්ස්ටයිනර් ගේ උපන් දිනය වන ජුනි 14 වැනිදා ලොව පුරා ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය සමරනු ලබයි.
ජීවිත කාලය පුරා රුධිරය සහ සංඝටක පාරවිලයන කිරීම අත්‍යා වශ්යන ජානගත රෝග, පිළිකා රෝග වලින් පෙලෙන රෝගීන් සහ හදිසිඅනතුරුවලදී සහ දරු ප්‍රසූතියේදී අධික රුධිර වහනය වීමේ තත්ත්ව වලකා රෝගී ජීවිත විශාල ගණනක් බේරාගැනීමට රුධිරය සහ රුධිර සංඝටක පාරවිලයන කිරීමෙන් හැකි වේ.
වර්ථමානයේ පවතින වසංගත කාලයේවුවද රුධිර අවශ්‍යතාවය සඳහා රුධිරය එක් රැස් කිරීම අඛණ්ඩව සිදු කරන ලද්දේ රුධිරය සඳහා කෘතිම ආදේශකයක් නොමැති නිසාය.
මෙම සන්දර්භය තුළ ස්වේච්ඡාවෙන් ප්රසදානය කරනු ලබන සෑම සුරක්ෂිත රුධිර පරිත්‍යාගයක්ම ජීවි සුරකින්නාවූ මෙහෙවරකි. වර්ෂ 2005 මැයිමාසයේදී පැවැත්වුණු පණස් අට වැනි ලෝක සෞඛ්‍යා සම්මේලනයේදී සෑම වසරකම ජූනි 14 වැනි දින ලෝක රුධිර පරිත්‍යාගශීලීන් ගේ දිනය ලෙසනම් කර ඇත. ලොව පුරා සුරක්ෂිත රුධිර පාරවිලයන සේවා ස්ථාපනයකිරීම මෙන්ම ස්වේච්ජාවෙන් ඉදිරිපත් වන රුධිර දායකයන් මගින් දැයක රුධිර අවශ්‍යතා සපුරා ගැනීමේ වැදගත්කම එහිදී අවධාරනය කරන ලදී.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලික අරමුණ ලොව පුරා සෑම රටකම රුධිරපාරවිලයන සේවා පවත්වා ගැනීම සඳහා අවශ්‍ය රුධිරය , මුදල්ගෙවීමකින් තොරව ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන දායකයින්ගෙන් පමණක්ලබා ගැනීම ය. අද වන විට රටවල් 60 ක් පමණ මෙම ඉලක්කය සපුරාගැනීමට සමත් විය. ශ්‍රී ලංකාව 2014 දී මෙම ඉලක්කය සපුරා ගත් අතර දකුණු ආසියාවෙන් මෙම ජයග්රදහණය අත්පත් කර ගෙන සිටින්නේ අපේ රට පමණි.
රටක, රුධිර පාරවිලයන සේවාව, ජාතික සම්බන්ධීකරණ ක්රිදයාවලියකටඅනුගත වූ තිරසාර වැඩසටහනක් ලෙස ක්රිේයාත්මක කළ යුතු බව ලෝක සෞඛ්යන සංවිධානයේ නිර්දේශයයි.
මීට අමතරව රෝගීන්ගේ අවශ්යාතා සපුරාලීම සඳහා ප්රාමාණවත් මෙන්ම ගුණාත්මක සුරක්ෂිත රුධිර සැපයුමක් සහිත රුධිර පාරවිලයන සේවාවක්පවත්වාගැනීම සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම් සැපයීම සහ එම සේවාවන්පුළුල් කිරීම සඳහා අවශ්‍ය සහාය ලබා දීම රාජ්‍ය සෞඛ්‍ය සේවය මගින් සිදු කළ යුතු බවද ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරනය කරයි.
මෙම වසරේ ලෝක සෞඛ්යර සංවිධානය විසින් ලෝක රුධිර පරිත්යාරගශීලීන්ගේ දිනය සැමරීම සඳහා ප්රඛකාශිත තේමා පාඨය “සුරක්ෂිත රුධිරය ජීවිත සුරකී”යන්නය. මේ ඔස්සේ ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් පවත්වා ගැනීමේදී ආරක්ෂිත රුධිරය ලොව පුරා රෝගීනට පාරවිලයනය කිරීමේ අවශ්යසතාවය ඔවුන් පෙන්වා දේ.
More Stories
ඇමරිකාව සයිබර් ආරක්ෂණ ගැටළු මුවාවෙන් චීනයට අපහාස කිරීම වහාම නතර කළ යුතු බවට චීනයෙන් ප්‍රකාශයක්
“එක් රටක් ක්‍රම දෙකක්”ප්‍රතිපත්තිය මැකව් හි ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන බවට CGTN මත විමසුමකින් අනාවරණය කෙරේ
සංවර්ධනයෙන් පිබිදෙන චීන මැකව් විශේෂ පරිපාලන කලාපය