කොවිඩ් මෘතදේහවල අවසන් කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මතය තමා පිළිගන්නා බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ඔහු මේ බව පැවසූවේ අද (05) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය හමුවකින් අනතුරුව මාධ්‍ය අමතමිනි.
“මම හිටපු සෞඛ්‍ය ඇමතිවරයෙක්. ලෝක සෞඛ්‍ය සංවිධානය කියලා තියෙන්නේ, ඒ පිළිවෙත තමයි වලදැමීම පිළිබඳව.. ඒ වගේම රටවල් රාශියක ඒ විදිහට කරනවා. ඒ නිසා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මතය තමයි මං පිළිගන්නේ,” යනුවෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
More Stories
එජාප – සජබ හවුලට එජාප කෘත්‍යාධිකාරියෙන් අනුමැතිය
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්