ලෝක හදවත් දිනය අදට යෙදී තිබෙනවා.
හදවතින්ම හදවත සුරකිමු යන තේමාව යටතේ සැමරෙන හදවත් දිනයට සමගාමීව ඊයේ සිට ඔක්තෝබර් මස දෙවනදා දක්වා වැඩසටහන් රැසක් ක්‍රියාත්මකයි.
සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන ආකාරයට හදවත් හා සම්බන්ධ රෝග හේතුවෙන් ශ්‍රී ලංකාවේ දිනකට සියදෙනෙක් මිය යනවා.
ඊට ප්‍රධානම හේතුව ලෙස හදුනාගෙන ඇත්තේ අධි රුධිර පීඩනයයි.
ලොවපුරා ජනගහනයෙන් බිලියන 1.13 ක් අධි රුධිර පීඩනයෙන් පෙළෙන බවට ඇස්තමේන්තු කර ඇති අතර එයින් තුනෙන් දෙකක් අඩු හා මධ්‍යම ආදායම් ලබන පුද්ගලයන් බව තහවුරු වී ඇත. බෝ නොවන රෝග වැළැක්වීමේ ගෝලීය ඉලක්කය වී ඇත්තේ 2025 වන විට අධි රුධිර පීඩනයෙන් පෙළෙන රෝගීන් සංඛ්‍යාව 25% කින් අඩු කිරීමය.
අදට (29 වැනිදාට) යෙදෙන ලෝක හදවත් දිනය වෙනුවෙන් කොටුව දුම්රිය ස්ථානයේදී අද (29 වැනිදා) හා හෙට (30 වැනිදා) දුම්රිය මගීන්ගේ රුධිර පීඩනය මැන අවශ්‍ය උපදෙස් ලබාදීමේ සායනයක් නොමිලේ පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර තිබේ.
ඒ අනුව පෙරවරු 09.00 සිට සවස 04.00 දක්වා කොටුව දුම්රිය ස්ථානයේ ප්‍රධාන පිවිසුම අසලදී එම සායනය ද පැවැත්වේ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්