ලෝක ළමා දිනය අද ට (01) යෙදී තිබේ.
“සියල්ලට ම පෙර දරුවන්” යන තේමාව යටතේ මෙවර ළමා දින ජාතික උත්සවය අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව මෙවර ලෝක ළමා දිනය සැමරීමට නියමිතය.
අද සිට ලබන 31 වනදා දක්වා දිවයින පුරා ළමා සුබසාධන වැඩසහන් රැසක් ක්‍රියාත්මක කරන බව කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පැවසුවේය.
මේ අතර සමාජානුයෝජන ක්‍රියාවලියේදී පුරෝගාමී සියලුම ආකාරයේ වැඩිහිටියන්ට ළමයින් සම්බන්ධයෙන් පැවරී ඇති වගකීම සුළු කොට තැකිය නොහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
එබැවින් ළමයාට අයිති ළමා කාලය ඔවුන්ට රිසි සේ සැරිසැරීමට ඉඩ හරිය යුතු බව ජනාධිපතිවරයා සඳහන් කරයි.
ලෝක ළමා දින පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.
වර්මානයේ ලෝකය මුහුණ දී ඇති වසංගත තත්ත්වය හමුවේ දරු පරපුරට පාසල් පංති කාමරය, ක්‍රීඩා පිටිය, දුරස්ථව ඇති බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.
මේ අතර ලෝක ළමා දිනයට සමගාමීව දිවයින පුරා වැඩසටහන් 25ක් සංවිධානය කර ඇති බව ජාතික ළමා රක්ෂිණ අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා පවසයි.
මේ අතර ළමුන් අන්තර්ජාලය මගින් අපයෝජනය වීම වර්තමානයේ පවතින විශාල ගැටලුවක් බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියාසිටියේය.
ලෝක ළමා දිනය වෙනුවෙන් ජනාධිපතිවරයා නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව