සීතල යුද සමයේ සංකල්පයෙන් හා අධිපතිවාදී තර්කනයෙන් බැහැර වන ලෙසත්, වගකීම් විරහිත වාර්තා යළි නිකුත් කිරීම නතර කරන ලෙසත් චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටී.
චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Lin Jian මහතා අද(19) පැවති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේය.
ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව චීන හමුදා සහ ආරක්ෂක සංවර්ධනය පිළිබඳ වාර්ෂික වාර්තාව නිකුත් කර ඇත. එම වාර්තාව පෙර වාර්තා මෙන් සත්‍ය නොසලකා ඇති අතර පක්ෂග්‍රාහීත්වයෙන් පිරී ඇතැයි Lin Jian මහතා පෙන්වා දුන්නේය. සීතල යුද සමයේ සංකල්පයෙන් හා අධිපතිවාදී තර්කනයෙන් බැහැර වන ලෙසත්, චීන උපායමාර්ගික අරමුණ හා ජාතිකාරක්ෂණ කටයුතු දෙස නිසි ආකාරයෙන් සලකා වාර්ෂිකව එවැනි වගකීම් විරහිත වාර්තා නිකුත් කිරීම නතර කරන ලෙසත් චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටී. ඇමරිකාව සැබෑ ක්‍රියාවන් මගින් චීන-ඇමරිකානු දෙරටේ හා යුද හමුදා අතර සබඳතාවන්හි ස්ථාවරත්වය සහතික කළ යුතු බවද Lin Jian මහතා පවසා ඇත.
More Stories
“මෙක්සිකෝ බොක්ක” නැවත නම් කිරීම සම්බන්ධයෙන් Google සමාගමට එරෙහිව නඩු පැවරිය හැකියි– මෙක්සිකෝ ජනපති
චීන ජනපතිගේ ප්‍රධානත්වයෙන් 9 වන ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙල ඇරඹේ
වෙළඳපොලේ කීර්තියට හානි කළ ඇමරිකාවේ සමාගම් දෙකකට එරෙහිව චීනයෙන් නීතිමය පියවර