හැටන්, වටවල ප්‍රදේශයේ පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවකයින් දස දෙනෙක්ට කොවිඩ්- 19 වෛරසය අසාදනය වී තිබේ.
ඊයේ පස්වරුවේ (23) දින සිදුකරන ලද පි.සි.ආර් පරික්ෂණ වලින් තහවුරු වී ඇති බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක කේ.කාමදේවන් මහතා පවසයි.
එම ඇගළුම් කර්මාන්ත ශාලාවේ ඉකුත් (14) දින කොවිඩ් 19 වෛරසය අසාදනය වු සේවකයෙක් හමුවිමෙන් පසු ඔහුගේ ළගම ආශ්‍රිතයින් 60 දෙනෙක්ගේ පි.සි.ආර් සිදුකෙරිණ. එහිදී සේවකයින් සිව්දෙනෙක්ට සහ සේවිකාවන් හය දෙනෙක්ට කොවිඩ් 19 වෛරසය අසාදනය වී ඇති බවට මේ වන විට තහවුරු වී තිබේ.
පසුව ඔවුන්ගේ පවුල්වල සමාජිකයන් ස්වයං නිරෝධානයට යොමු කෙරිණ.
නව අසාදිතයන් දස දෙනාගේ ළගම ආශ්‍රිතයින්ගේ පි.සි.ආර් පරික්ෂණ අද (24) දින සිදු කිරීමට නියමිතයි.
මේ වන විට එම ඇගළුම් කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දැමිමට පාලන අධිකාරිය කටයුතු කර තිබේ.
More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග