දකුණු කොරියාවේ පැවත්වෙන ‘ඒෂියා පැසිෆික්’ සමුළුවට සහභාගි වීම සඳහා ඊයේ (ඔක්. 3) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළ වෙත ගිය පරිසර අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අකරතැබ්බයකට මුහුණ පා තිබේ.
ඒ, ඔහු කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගත් බවට සනාථ කරන එන්නත් කාඩ්පත රැගෙන ඒමට අපහොසත් වීම හේතුවෙනි.
.කෙසේ වෙතත්, පසුව එන්නත් කාඩ්පතේ පිටපතක් Whatsapp ඔස්සේ තම ජංගම දුරකතනයට ගෙන්වා ගෙන එය ගුවන් තොටුපළ බලධාරීන්ට පෙන්වීමෙන් අනතුරුව අනිල් ජාසිංහ මහතාට ගුවන්ගත වීමට හැකි වී තිබේ.
More Stories
එජාප – සජබ හවුලට එජාප කෘත්‍යාධිකාරියෙන් අනුමැතිය
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්