2025 වසරේ “වඩා පහසු, විවෘත සහ ආරක්ෂිත” විදේශ විනිමය පාලන පද්ධතියක් ගොඩනැඟීමට අපේක්ෂා කරන බව චීන විදේශ විනිමය පරිපාලනය ප්‍රකාශ කරයි.
නව වසරේ වඩාත් ක්‍රියාශීලී ප්‍රතිපත්ති ක්‍රියාවට නංවමින්, බාහිර අවදානම් වළක්වමින් විදේශ විනිමය පද්ධතියේ උසස් මට්ටමේ ප්‍රතිසංස්කරණය හා විවෘතභාවය ප්‍රවර්ධනය කරන බව එම පරිපාලනය ඊයේ (4) පැවසීය.
එහිදී විශේෂ කරුණු හයක් ඔස්සේ අවධානය යොමු කෙරෙන බව පැහැදිලි කර ඇත. එනම්, විදේශ විනිමය ක්‍රියාවලිය පහසු කිරීමේ ප්‍රතිසංස්කරණ ප්‍රවර්ධනය කිරීම, ආයතනික විවෘතභාවය වැඩිදියුණු කිරීම, විදේශ විනිමය වෙළෙඳපොළේ ස්ථාවරත්වය පවත්වා ගැනීම, සම්පූර්ණ හා ඵලදායී අධීක්ෂණ පද්ධතියක් ගොඩනැඟීම, කළමනාකරණයේ උසස් තත්ත්වයේ සංවර්ධනය ප්‍රවර්ධනය කරමින් විදේශ විනිමය සංචිත වත්කම්වල ආරක්ෂාව, ද්‍රවශීලතාවය සහ වටිනාකම සහතික කිරීම සහ මූලික කටයුතු ක්‍රියාශීලීව ක්‍රියාත්මක කිරීමයි.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි