වත්තල අවට ප්රදේශ කිහිපයකට හෙට පෙරවරු 10 සිට බ්රහස්පතින්දා අලුයම 04 දක්වා පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
හේකිත්ත මාර්ගයේ ජල නල පද්ධතියේ හදිසි අලුත්වැඩියාවක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය පැවසුවේ.
ඒ අනුව හේකිත්ත, පල්ලියවත්ත, වැලිඅමුණ පාර, බලගල, ගලගහදූව, මරදාන පාර, ඇලකන්ද සහ හැඳල ප්රදේශ වලට ජල සැපයුම අත්හිටුවනු ඇති.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්ය සේවක වැටුප් වැඩිවෙන හැටි