වත්තල, හැදල කෙරවලපිටිය ප්‍රදේශයේ පවත්වා ගෙන යන සෙල්ලම් භාණ්ඩ කර්මාන්ත ශාලාවේ සේවක පිරිසෙන් තවත් පුද්ගලයින් 68දෙනෙකු කොරෝනා ආසාදනය වී ඇති බව අද (05) තහවුරු වි ඇත.
පසුගිය දා මෙම කර්මාන්ත ශාලාවේ පුද්ගලයින් 693දෙනෙකු පි.සි.ආර්. පරික්ෂණ සදහා යොමුකර ඇති අතර ඒවායින් දැනට ලැබී ඇති ප්‍රථිපල අනුව එම කර්මාන්ත ශාලවෙන් සමස්ත කොරෝනා ආසාදියන් ගණන 119 දක්වා ඉහළ ගොස් ඇත.
කර්මාන්ත ශාලාවේදී කොරෝනා ආසාදනයයට ලක්ව ඇති සේවක පිරිසෙන් බහුතරයක් සේවිකාවන් බව අනාවරණය වී ඇත.
තවත් 400 කට ආසන්න පිරිසකගේ පී.සී.ආර් වාර්තා ලැබීමට නියමිත අතර අද(06) වන විට වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ කොරෝනා ආසාදිතයන් 500 ඉකමවා ගොස් පුද්ලයින් 1500 වැඩි පිරිසක් ස්වයං නිරෝධායනය සදහා යොමුකර ඇති බව වත්තල පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක වරුන අමරසේකර මහතා පවසයි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්