දිවයින පුරා වතු කම්කරුවන් අද වැඩ වර්ජනයක නිරත වනවා.
ඒ රජය පොරොන්දු වී තිබියදීත් වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කර නොමැති බවට චෝදනා කරමින්.
මෙම වර්ජනයට සමගාමීව වතු ආශ්‍රීත නගර කිහිපයක වෙළෙදසැල් වසා තබමින් හර්තාල් ව්‍යාපාරයක්ද ක්‍රියාත්මක කිරීමටයි වතු කම්කරුවන් නියෝජනය කරන දේශපාලන පක්ෂ හා සංගම් තිරණය කර ඇත්තේ.
වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කිරීම සම්බන්ධයෙන් රජය, වතු හාම්පුතුන් සහ වෘත්තීය සමිති අතර සාකච්ඡා වට 15ක් පමණ පවත්වා ඇති නමුත් ඒ සියල්ල අවසන් වූයේ එකඟතාවයකින් තොරවයි.
ඔවුන් පෙන්වා දී ඇත්තේ මූලික වැටුප රුපියල් දහසක් බවට පත් කිරීම අපහසු කරුණක් බවයි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්