දෛනික වැටුප රුපියල් 1000 දක්වා ඉහළ නංවන ලෙස රජයට බලකරමින් පෙබරවාරි 05 වනදා දීප ව්‍යාප්ත එක්දින සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට ලංකා කම්කරු කොංග්‍රසය තීරණය කර තිබේ.
වතු කම්කරු වැටුප රුපියල් 1000 දක්වා වැඩිකිරීම සම්බන්ධයෙන් රජය සහ වතු හාම්පුතුන්ගේ සංගමය අතර සාකච්ඡා වට කිහිපයක්ම පැවැත්වූ තිබෙන නමුත් ඒ සියල්ල අවසන් වී ඇත්තේ එකඟතාවයකින් තොරවය.
වත්මන් රජය දින වකවානු ද සහිතවම මෙම වැටුප් වැඩිකිරීම පිළිබඳව අවස්ථා කිහිපයකදීම පොරොන්දු ලබාදුන් නමුත් මේ දක්වාම එය ඉටුවී නොමැති තත්වය තුළ දිවයින පුරා විවිධ ප්‍රදේශවල වතුකම්කරුවන් පසුගිය දින කිහිපය පුරාම උද්ඝෝෂණවල නියැළෙන ආකාරය ද දක්නට ලැබිණි.
More Stories
එජාප – සජබ හවුලට එජාප කෘත්‍යාධිකාරියෙන් අනුමැතිය
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්