වතු කම්කරුවන් වෙනුවෙන් අයවැයෙන් පොරොන්දු වූ රුපියල් දහසේ දෛනික වැටුප අදාළ පාර්ශවකරුවන් සමග සාකච්ඡා කර වතු කම්කරුවන් වෙත ලබා දෙන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.
අයවැය සම්මත වීමෙන් පසු එම වැඩපිළිවෙළ සැකසීම වහා අරඹන බවයි ඊයේ පැවති කම්කරු කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක කාරක සභාවේදී අමාත්‍යවරයා සදහන් කළේ.
නිෂ්පාදන ධාරිතාව වැඩි කර ගැනීමට සමත් නොවූ සහ නිසි ලෙස රැකබලා නොගත් වතු රජයට පවරා ගැනීම සඳහා පනතක් ගෙන එන බවද නිමම් සිරිපාලද සිල්වා මහතා අවධාරණය කළා.
කම්කරුවන්ගේ පැමිණිලි වෙනුවෙන් ඇහුම්කන් දීමට සහ ඔවුන්ට උපදේශන ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කිරීමේ වැදගත්කම සම්බන්දයෙන් ද කමිටුවේ අවධානය යොමු වූ අතර මුදල් වංචා කරන ලද නිලධාරීන් පිළිබඳ දීර්ඝ ලෙස කෝප් කමිටුවේදී අවධානය යොමු කළ යුතු බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්