වත්මන් ආණ්ඩුව වතු කම්කරුවන්ට රුපියල් දහසක දෛනික වැටුපක් පිළිබඳව පොරොන්දු ලබාදුන් බවත්, ඒ සඳහා කැබිනට් අනුමැතිය පවා ලබාගත් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. කෙසේ නමුත් වසරක් ගත වී ඇතත් එම පොරොන්දුව ඉටු කිරීමට වත්මන් ආණ්ඩුව අසමත් වී ඇති බව විපක්ෂ නායකයා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ අද පාර්ලිමේන්තුවේදී වතු කම්කරු ගැටලු සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.
මැතිවරණ කාලයේදී රුපියල් දහසක වැටුපක් ස්ථිරවම ලබාදෙන බව පවසමින් වතු කම්කරුවන් රවටා ඔවුන්ගේ ඡන්දය ලබා ගත් ආණ්ඩුව අද ඔවුන් පැත්තකට දමා ඇති බවයි සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ.
වතු කම්කරුවන්ගේ වැටුප පොරොන්දුවලට පමණක් සීමා නොකර පනතක් මගින් සම්මත කළයුතු බවත්, ඒ හරහා රුපියල් 1000 ක මූලික වැටුප සඳහා නෛතිකභාවයක් ලබාදිය යුතු බවද විපක්ෂ නායකයා පෙන්වා දෙනවා.
තවදුරටත් වතු කම්කරුවන් රැවටීමට ලක් නොකර, ඔවුන්ගේ ජීවත සමග සෙල්ලම් නොකර ඔවුන්ට රුපියල් 1000 ක දෛනික වැටුපක් ලබාදීමට කටයුතු කරන ලෙස සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව