“වනජීවි එකට අලි එළවන්න බැරිනම් අලි එලවන්න හමුදාවට බාර දෙන්න “ අලිකදුර ගමේ ගම්වැසියන් ජනපතිගෙන් ඉල්ලති.
මහියංගණ, මාපාකඩවැව, අලිකදුර ගම්මානයේ වන අලි ප්රහාරයකින් පුද්ගලයෙක් මරුට
මහියංගණ, මාපාකඩවැව, අලිකදුර ගම්මානයේ, ගවයන් හට තෘණ කැවිම සදහා යමින් සිටි පුද්ගලයෙකු හට අද (10) උදැසන වන අලි ප්රහාරයකින් එල්ලවීමෙන් එම ස්ථානයේම ජිවිතක්ෂයට පත්ව ඇති බවට මහියංගණ පොලිසිය පවසනවා.
මෙලෙස මියගොස් ඇත්තේ මහියංගණ, මාපාකඩවැව, අලිකදුර ගම්මානයේ, 1/13, යන නිවසේ පදංචි වසය අවුරුදු 42ක් වු ආර්. ජි සරත් නන්දසේන නම් වු දෙදරු පියෙකි. මියගිය අයගේ ආබාදිත නැගණිය, වකුගඩු රෝගයෙන් පෙළෙන පියා හා වයෝවෘද්ධ මව හා දරුවන් දෙදෙනා හා බිරිද මෙම පුද්ගලයාගේ අකල් මරණයෙන් දැඩි ලෙස අසරණ භාවයට පත්ව ඇත.
මාපාකඩ වසමේ වන අලි පහරදීමෙන් සිදු වු 09 මරණය ලෙසත්, අලිකදුර ගම්මානයේ සිදු වු 03වන මරණය ලෙසත් මෙය සැලකෙන බවට ගම්වාසීහු පවසති.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්