මහියංගනය රඹකැන් ඔය ආශ්රිත වනාන්තරයේ වැදි ජනතාවගේ පාරම්පරික භූමිය ආශ්රිත හෙක්ටයාර 500ක භූමි ප්‍රමාණයක් බඩ ඉරිඟු වගා කිරීම සඳහා පෞද්ගලික වැවිලි සමාගමකට ලබා දීමට මහවැලි සංවර්ධන අධිකාරියේ සූදානමට එරෙහිව වන්නිලා ඇත්තෝ සහ පරිසර යුක්ති කේන්ද්‍රය අභියාචනාධිකරණයට ගොනු කළ රිට් පෙත්සමේ වගඋත්තරකරුවන්ට අප්‍රේල් 23 වැනි දා විරෝධතා ඇත්නම් ගොනු කරන්නැයි අභියාචනාධිකරණය අද (5) නීතිපතිට නියෝග කර තිබේ.
මෙම පෙත්සම් අභියාචනාධිකරණ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන මහත්වරුන්ගෙන් යුතු අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද කැඳවූ අතර ලබන මැයි 5 වැනිදා පෙත්සම සම්බන්ධයෙන් කරුණු තහවුරු කර බැලීමටද අභියචනාධිකරණය දින නියම කළේය.
මහියංගනය රඹකැන් ඔය ආශ්රිත වනාන්තරයේ ඇති වැදි ජනතාවගේ පාරම්පරික භූමිය ආශ්රිත හෙක්ටයාර 500ක භූමි ප්‍රමාණයක් මහවැලි සංවර්ධන අධිකාරියට පවරාගෙන, එළිපෙහෙලි කරමින් බඩ ඉරිඟු වගා කිරීම සඳහා වගඋත්තරකාර ආර්.ඒ.එන් ප්ලාන්ටේෂන් පෞද්ගලික වැවිලි සමාගමකට ලබා දීම හේතුවෙන් වැදි ජනතාවගේ සාම්ප්‍රදායික ජීවන රටාවට තර්ජනයක් එල්ල වී ඇතැයි සදහන් කරමින්, එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් , එමගින් පරිසරයට සිදුවූ හානියට වන්දි ලබා දෙන ලෙස ඉල්ලා ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලා ඇත්තෝ සහ පරිසර යුක්ති කේන්ද්‍රය අභියාචනාධිකරණය හමුවේ මෙම රීට් පෙත්සම ගොනු කර තිබේ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්