ජාත්‍යන්තර විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ පළමු ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වනිඳු හසරංග සමත්වී තිබෙනවා.
ඔහු මේ දක්වා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 32 කදී ලබාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 50ක්.
ඒ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ටී 20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ පළමු ස්ථානයේ සිටි දකුණු අප්‍රිකාවේ පාදඟ පන්දු යවන ක්‍රීඩක ටැබ්රෙයිස් ශම්සි ට දෙවන ස්ථානය හිමිව තිබෙනවා.
මේ අතර වනිඳු හසරංග ටී 20 තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වල ද 8 වන ස්ථානයේ සිට 4 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇති බවයි ජගත් ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේ.
More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි