අයි.සී.සී පන්දුවාර 20යි 20 නවතම ශ්‍රේණිගත කිරීම් අනුව වනිදු හසරංග තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර තුන්වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.
ඒ ප්‍රසාද ලකුණු 173 ක් හිමිකර ගනිමින්.
ඔස්ටේ්රලියාවේ ග්ලේන් මැක්ස්වෙල් තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර ස්ථාන 3කින් ඉදිරියට පැමිණ ඇත්තේ සිව්වන ස්ථානය දක්වායි.
ප්‍රසාද ලකුණු 265 ක් හිමිකරගත් ඇෆ්ගනිස්ථානයේ මොහොමඩ් නබී එහි පෙරමුණේ පසුවනවා.
බංග්ලාදේශයේ ශකිබ් අල් හසාන්ට දෙවන ස්ථානය හිමිව ඇති අතර ලබා ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 260 ක්.
20යි 20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමට අනුව තවදුරටත් පෙරමුණේ පසුවන්නේ ද ප්‍රසාද ලකුණු 797ක් හිමිව ඇති වනිදු හසරංගයි.
ටී ටුවෙන්ටි පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමට අනුව ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතරින් චරිත් අසලංක ඉදිරියෙන්ම පසුවන අතර ඔහු 27 වන ස්ථානයේ රැදී සිටිනවා.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි