ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දුවෙන් ලොවම මවිත කළ වනිඳු හසරංග මෙරට සමස්ත පුරවැසියන්ගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබෙනවා.
ඔහු මෙම ඉල්ලීම කර ඇත්තේ සිය නිල ෆේස්බුක් ගිණුම හරහායි.
වනිඳු මෙරට ජනතාවගෙන් ඉල්ලා ඇත්තේ රට යළි ගොඩනැගීමට එක්වන ලෙසටයි.
“දේශපාලනය අමතක කරන්න, විනාශ වී ගිය දේ යළි ගොඩනගන්න ජාතියක් විදියට එකතු වෙන්න” යනුවෙන් ඔහු එහි වැඩිදුරටත් සටහන් කර තිබෙනවා.

More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි