ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ඊයේ පැවැති තරගයේදී පා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග කැලැන්ඩර වර්ෂයක වැඩිම පන්දුවාර 20 කඩුලු ලාභියාගේ වාර්තාව බිඳ හෙළීමට සමත් වුනා.
එළෙස ඔහු විසින් අභිබවා ගියේ මේ වසරේ කඩුලු 32ක් දවාගෙන සිටින දකුණු අප්‍රිකානු දඟ පන්දු යවන ක්‍රීඩක තබ්‍රේස් ෂම්සිගේ වාර්ථාවයි.
පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල ලොව අංක 2 කේ පන්දු යවන්නාද වන වනිදු හසරංග මේ දක්වා 2021 වසරේදී කඩුලු 34 ක් ලබාගෙන තිබෙනවා.
මේ වසරේ පන්දුවාර 20 යි විස්ස තරගවල වැඩිම කඩුලු ලාභීන්ගේ ලැයිස්තුවේ කඩුලු 30 කට වඩා දවා ගත් පන්දු යවන්නන් වන්නේ ෂම්සි සහ වනිඳු හසරංගයි.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි