ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් මේ මස 12 වැනිදා සිට පැවැත්වෙන ආරාධිත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියෙන් දුෂ්මන්ත චමීර සහ වනිඳු හසරංගව විවේක ගන්වා තිබේ.
දිගින් දිගටම ජාතික කණ්ඩායම නියෝජනය කිරීම හේතුවෙන් අදාළ ක්‍රීඩකයින්ට විවේකයක් ලබාදීම සඳහා මෙම තීරණය ගෙන ඇති බව සඳහන් වේ.
ඉන්දීය පිලේ ශ්‍රී ලංකා තරග සංචාරයේදී ආබාධයක් හේතුවෙන් කණ්ඩායමට ඇතුළත් නොවූ කුසල් පෙරේරාද මෙම තරගාවලිය සඳහා ඇතුළත් වී නොමැත.
මීට අමතරව ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් වන ඇන්ජලෝ මැතිව්ස්, දිමුත් කරුණාරත්න සහ ළහිරු තිරිමාන්න මෙම කණ්ඩායම් සඳහා ඇතුළත්ව නැති වීමද විශේෂත්වයකි.
නිල්, රතු, කොළ සහ අළු යන කණ්ඩායම්හි නායකත්වය පිළිවෙලින් දසුන් ශානක, ධනංජය ද සිල්වා, දිනේෂ් චන්දිමාල් සහ අශාන් ප්‍රියන්ජන්ට හිමිව තිබේ. මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගාවලියේ අවසන් මහා තරගය ලබන 24 වැනිදා පැවැත්වේ.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි