T10 ලීග් ක්‍රිකට් ඉතිහාසයේ තරගාවලියක වැඩිම කඩුලුලාභියා ලෙස මෙවර අබුඩාබි තරගාවලිය අවසන් කිරීමට ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග සමත් වුණා.
ඒ, තරගාවලියේ අවසන් මහා තරගයේ දී බිද හෙලූ කඩුලු 2ත් සමගින්.
ඔහු මෙම තරගාවලියේ දී බිද හෙලූ සමස්ත කඩුලු ගණන 21ක්.
තරගාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවේද වනිදු හසරංගයි.
අවසන් තරගය වනිදු නියෝජනය කළ ඩෙකෑන් කණ්ඩායම හා දිල්ලි බුල්ස් කණ්ඩායම අතර ඊයේ පැවැත්වුණා.
එහිදී ග්ලැඩියේටර්ස් කණ්ඩායම ලකුණු 56ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් මෙවර තරගාවලියේ ශූරතාව හිමි කර ගනු ලැබුවා.
පළමුව පන්දුවට පහරදුන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 159ක් ලබා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දිල්ලි පිලට කඩුලු 7ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 103ක් පමණයි.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි