මොනරාගල සියඹලාණ්ඩුව ප්‍රදේශයේ දී වන අලි පහර දීමකින් වනජීවී නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ගම්වැදුණු වන අලියෙකු පලවා හැරීමට යාමේදී එම නිලධාරියා මෙම අනතුරට මුහුණදී තිබේ.
ඔහු දමන වනජිවි අඩවි ආරක්ෂක කාර්යාලයට අනුයුක්තව සේවය කල පුද්ගලයකි.
සියඹලාණ්ඩුව රුහුණු දනව්ව ප්‍රදේශයේ දී අද (17) උදෑසන මෙම වන අලි පහරදීම සිදුව ඇත.
අනතුරෙන් මියගොස් ඇත්තේ අම්පාර වඩිනාගල ප්‍රදේශයේ පදිංචිව සිටි 42 හැවිරිදි නිලධාරියෙකි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්