කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ වනජීවී සංරක්ෂණ දෙපාර්තුමේන්තුව මගින් පාලනය කරනු ලබන සංචාරක නිවාස හා කඳවුරු බිම් ආශ්රිත සංචාරක කටයුතු අද (04) සිට ආරම්භ කරන බව වන ජීවී සංරක්ෂණ දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි මේ අනුව දෙසැම්බර් මාසයට අදාළව සංචාරක නිවාස හා කඳවුරු බිම් කලින් වෙන් කර ගත් සංචාරකයන්හට නියමිත දිනයන්හි නවාතැන් ගත හැකිය තවද නොවැම්බර් 02 වනදා සිට දෙසැම්බර් 03 වන දින දක්වා දිනයන් කලින් වෙන් කරගත් සංචාරකයන්හට එම දිනයන් වෙනුවට මාර්තු 31 දක්වා කාලය තුළ දිනයන් වෙන් කර ගත හැකි බව ද එම නිවේදනයේ සඳහන් වේ කෙසේ වෙතත් මෙම නිවාස හා කඳවුරු බිම් වල නවාතැන් ගන්නා සංචාරකයන් සෞඛ්‍ය නිළධාරීන් විසින් පනවනු ලබන නීතිරිති හා රෙගුලාසි වලට යටත් විය යුතු වේ
වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ සංචාරක නිවාස හා කඳවුරු නැවත සංචාරයට විවෘත වෙයි

More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග