මාතර, වැලිගම ප්‍රදේශයේ පැවැති සාදයකදී තරුණියකට අතවර කිරීමට උත්සාහ කළේ යැයි කියන සිද්ධියට සම්බන්ධ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයාට ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලන කමිටුව අවවාද කර තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කළ පරීක්ෂණයේදී අදාල ක්‍රීඩකයා වැරදිකරු වී ඇති බවත් ඔහුට නැවත එවැනි සිද්ධියකට සම්බන්ධ නොවන ලෙස අවවාද කළ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
අදාල ක්‍රීඩකයා වසර කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නම් කරන වෛද්‍යවරයකු යටතේ මනෝ උපදේශන සේවා සදහා යොමු කිරීමට තීරණය කළ බව ක්‍රිකට් ආයතනය පවසයි.
නීතිඥවරයකුගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රිපුද්ගල විසින් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලදී.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට