පකිස්තානයේ සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයින් 54 දෙනෙකු මිය ගොස් තවත් 100 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇත. වයඹදිග පකිස්ථානයේ Khyber Pakhtunkhwa පළාතේ දේශපාලන රැස්වීමකට එල්ල වූ මෙම ප්‍රහාරයේ වගකීම ඉස්ලාමීය රාජ්‍යය සංවිධානය හෙවත් IS සංවිධානය භාර ගෙන තිබේ.
පකිස්තානයේ අතිරේක පොලිස්පති ෂවුකට් අබ්බාස් පැවසුවේ මේ වන විට මෙම ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයින් 54 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, මිය ගිය අයගෙන් අවම වශයෙන් 12 දෙනෙක් වයස අවුරුදු 12 ට අඩු දරුවන් වන බවයි. ප්‍රහාරයෙන් තුවාල ලැබූ පිරිස මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින බව ද හෙතෙම පැවසීය.
පකිස්ථාන ජනාධිපති අරිෆ් අල්වි සහ අගමැති ෂාබාස් ෂරීෆ් මෙම ප්‍රහාරය හෙළා දකිමින්, සිදු වූ ජීවිත හානි පිළිබඳව දැඩි ශෝකය ප්‍රකාශ කළ අතර, විපතට පත් පවුල්වලට හෘදයාංගම සංවේගය ද පළ කළහ.
More Stories
චීන භූකම්පන විශේෂඥයින් ඇතුළු 400ක පමණ පිරිසක් මියන්මාරයේ සහන සැලසීමේ කටයුතුවල නිරතව සිටී- චීන විදේශ අමාත්‍යංශය
චීනය ජාත්‍යන්තර සමාගම්වල ආයෝජනයේ ප්‍රමුඛතම තේරීමක්
මියන්මාරයට සතියක ශෝක කාලයක්