කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක පවතින කොරෝනා වසංගත අවදානම සැළකිල්ලට ගෙන අවදානමට ලක්ව ඇති ප්‍රදේශ රැසක පාසල් ආරම්භ කිරීම ලබන 23 වන දින සිදු නොකර තවත් සතියකින් කල් දැමීමට තීරණය කළ බව වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා ප්‍රකාශ කළා.
වයඹ පළාත තුළ පවතින කොරෝනා වසංගත තත්ත්වය සම්බන්ධයෙන් අද (20) කුරුණෑගල පිහිටි වයඹ පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවති සාකච්ඡාවකින් අනතුරුව ආණ්ඩුකාරවරයා මාධ්‍ය හමුවේ මේ බව අනාවරණය කළා.
වයඹ පළාත් සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුව මෙම තීරණය වයඹ දරුවන්ගේ යහපත වෙනුවෙන් ගත් බවද මෙම තීරණය මධ්‍යම රජයේ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා වෙත දන්වා යවන බවද රාජා කොල්ලුරේ මහතා ප්‍රකාශ කළා.
ඒ අනුව කොරෝනා අවදානම පවතින
කුරුණෑගල මහ නගර සභා සීමාවේ පිහිටි සියළුම පාසල්
කුරුණෑගල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය බළ ප්‍රදේශයේ පිහිටි සියළුම පාසල්
මල්ලවපිටිය සෞඛ්‍ය වෛද්‍ය බළ ප්‍රදේශයේ පිහිටි සියළුම පාසල් සමඟ කුලියාපිටිය නගර සභා බළ ප්‍රදේශයේ පිහිටි සියළුම පාසල්
කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලය
කනදුල්ල මහා විද්‍යාලය
දියකළමුල්ල මහ විද්‍යාලය
පන්නල නගර සීමාවේ පිහිටි පාසල් සහ ඊරියගොල්ල මහා විද්‍යාලය
රිදීගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බළ ප්‍රදේශයට අයත් රම්බොඩගල්ල මධ්‍ය මහා විද්‍යාලය
නාරම්මල නගර සීමාවේ පිහිටි සියළුම පාසල්
මහව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බළ ප්‍රදේශයේ පිහිටි ගජනැග්ගම, අඹගස්වැව, බලල්ල, යාපහුව මහා විද්‍යාල සහ මහව විජයබා මධ්‍ය මහා විද්‍යාලය යන පාසල් පමණක්
ලබන 23 වන දින ආරම්භ නොකර සතියක කාලයක් වසා තබන බව වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා ප්‍රකාශ කළා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්