වර්ජනයේ නිරත තැපැල් සේවකයින් පිළිබද තැපැල්පති රංජිත් ආරියරත්න මහතා ප්‍රකාශයක් නිකුත් කොට තිබෙනවා.
ඒ වහාම ක්‍රියාත්මක වන පරිදි සේවයට වාර්තා නොකළහොත් වර්ජනයේ නිරත තැපැල් සේවකයින් සේවය අතහැර ගියා සේ සලකා ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවයි.
මේ සම්බන්ධයෙන් වෘත්තිය සමිති වෙත ලිඛිතව දැනුම් දීමට අද (02) දිනයේ කටයුතු කරන බවත් තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කරනවා.
රට තුළ පවතින අර්බුදකාරී වාතාවරණය හේතුවෙන් දිවයින පුරා පිහිටි තැපැල් කාර්යාල සහ උප තැපැල් කාර්යාල අඟහරුවාදා, බදාදා සහ බ්‍රහස්පතින්දා දිනවල පමණක් විවෘත කිරීමට පසුගියදා තීරණය කර තිබුණා.
ඊට විරෝධය පළකරමින් පසුගිය 26 වනදා සිට තැපැල් වෘත්තිය සමිති වර්ජනයක් ආරම්භ කළා.
මේ හේතුවෙන් මධ්‍යම තැපැල් හුවමාරුවේ සහ විදේශ අංශයේ තැපැල්මලූ සැලකිය යුතු ප්‍රමාණයක් ගොඩගැසී පැවතීමෙන් තැපැල් දෙපාර්තමේන්තුවට කෝටි දෙකකට අධික අලාභයක් සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ